Lyrics
ජීවිතයේ නෑ සැප දුක මිස ලෝකේ
ජීවිතයේ නෑ සැප දුක මිස ලෝකේ
පවුකාර මගේ ජීවිතයේ
සිදුවූ දේ කියමි මෙසේ
අසනා සැවොමා මේ ගීතේ අසා
සැනසෙන්න ගයමි දුක් ගීතේ
ජීවිතයේ නෑ සැප දුක මිස ලෝකේ
මා පළමු වරට පෙම් බැන්දේ
කෙල්ලෙකුටයි රත්නපුරේ
මරුවා කල දේ ඇය රැගෙන ගියේ
දුක් ගින්දර දී මට මෙලෙසේ
රත්නප්‍රියේ වැලපෙමි දුක් ගී ගයාලා
ජීවිතයේ නෑ සැප දුක මිස ලෝකේ
මගේ දෙවැනි ප්‍රියා ඉන්ද්‍රාවේ
ඇගෙ රුවටයි පෙම් බැන්දේ
රක්ෂණ ගිරවී රන් කූඩු වෙලා
මම කෙලෙසද හීලැ කරන්නේ
කැලේ සතා කැලේටමයි පැන යන්නේ
ජීවිතයේ නෑ සැප දුක මිස ලෝකේ
අවසාන වරට පෙම් බැන්දේ
කෙල්ලෙකුටයි කොලොම්පුරේ
ඇගෙ නම ඇගෙ ගම ඇගෙ රුව දැකලා
මා වශී වුනා අවසානේ
ජීවිතයේ නෑ සැප දුක මිස ලෝකේ
ජීවිතයේ නෑ සැප දුක මිස ලෝකේ
ජීවිතයේ නෑ සැප දුක මිස ලෝකේ