ජයටැම් කරාjayataem karaa

Jayatam Kara

Lyrics

ජයටැම් කරා අභිමන් හුවා
විරුවන් ලෙසින් ඇදෙනා
රුපු තෙද විදා සුරකුම් දරා
සිංහලයන් නමින් දිවුරා 
රන් රුවන් වැද අසිපතක් ගෙන 
මුළු ලෝකයක් පරදා
සියවරක් නොව දසවරක් තව මේ දේශයම දිනවා
සිංහයෝ.....සිංහයෝ...//

නිලඹර පුරා ඇදී රූ රටා ලැබූ ජය ගී  අද නුඹේ
වංකගිරියෙන් හමනා සුළගේ රැදුනු ගී අද නුඹේ
අසිනි වැසි හඩගා හඬද්දි පෑයු රන් හිරු සේ
නුඹේ නාමෙන් මේ යදින්නේ ජය පතා දේශයේ
සිංහයෝ.... සිංහයෝ ...////

දේශයේ ජය කොඩි දරා මේ සත් සියක් සේනා
ඔද වැඩු අප සන්තොසින් සෙනෙවියන් නුඹයි රක්නා
සිංහයන් නම් පෙළහරින් නෙක හරඹයන් මවලා
සකි සදේ හෝ පවසා මෙසේ දිනවා මගේ ලංකා
සිංහයෝ..... සිංහයෝ...////

Mathaka | මතක

A free, open, community-driven database preserving Sri Lankan Sinhala song lyrics for future generations.

ශ්‍රී ලාංකික සිංහල ගීතය රැකගැනීම සඳහා.

© 2026 Mathaka. Data licensed under ODbL.

Open. Accurate. Eternal.