ජයමංගල ගී තාලෙටjayamangala gii thaaleta

Jayamangala Gee

Lyrics

ජයමංගල ගී තාලෙට
පිඹ පිඹ බට දඩු නලා
ජයපැන් බොන සෙබල රැලක්
විලසට හඩ තල තලා

රසකර මම පවසන්නෙමි
මිනි කිංකිනි සොලවලා
අසනු මැනවි අසනු මැනවි
අසනු මැනවි තුටුවෙලා

පරයන ඉදුනිල් කැට
දෙනෙතෙහි ඇති කැල්මට
වසග නොවන්නියෙ කවුරුද
නෑනගෙ එක බැල්මට

මම කැමතියි නෑනට
නෑනා කැමති නැහැ මට

පොත් ටික තුරුලට අරන්
මුව මදහස රැලි පෙරන්
පාසල් යන දෙවැට දිගේ
නෑනා මගෙ රත්තරන්

මම කැමති නෑනට
නෑනා කැමති නැහැ මට

මැල්ලුමකට වෙල් පලා
නෙලන්න සිහිනිග සලා
යන විට රන මොණරි වගේ
මගෙ හද කුල්මත් කලා

මම කැමති නෑනට
නෑනා කැමති නැහැ මට

අඩසද වන් නළලතේ
චන්දන තිලකය ඇතේ
රිකිපිල වැනි කෙස් කළඹට
කිතුල් රෑන පැරදෙතේ

මම කැමති නෑනට
නෑනා කැමති නැහැ මට

මුහුදෙහි රළ පෙල ගැසී 
ගමන සදිසි යන ලැසී
ඇගෙයි මගෙයි ආදරයට
ආසිරි මල් වැසි වසියි

මම කැමති නෑනට
නෑනා කැමති නැහැ මට

නැහැඹුල් හද කිතිකැවී
නව රසදුන් සරසවී
මගෙ දුප්පත් පැලේ ඉන්න 
එනවද මදු මාධවී

මම කැමති නෑනට
නෑනා කැමති නැහැ මට

ඔබෙන් ලැබෙන තොත්තුවේ
රසයට හද පත්තුවේ
කිරියි පැණියි වගෙ ඉන්න
එනවද මගෙ වස්තුවේ

මම කැමති නෑනට
නෑනා කැමති නැහැ මට

කරදර බාධක මැද්දේ
දිවි ගග පහලට ඇද්දේ
ගල් පර දැක පෙරමුණේ
මොන නදිය ද නැවතුනේ

මම කැමති නෑනට
නෑනා කැමති නැහැ මට

හසරැලි නැත්නම් මුහුනේ
සිතුවිලි ලස්සන නැහැනේ
වේදනාව නැති ලොවේ
ජීවිත රසවත් නොවේ

මම කැමති නෑනට
නෑනා කැමති නැහැ මට

ගන්නට ඔබ වාඩුවක්
නැහැ මට ඉන් පඩුවක්
හදමුද අපි කූඩුවක්
වෙමුද පරවි ජෝඩුවක්

මම කැමති නෑනට
නෑනා කැමති නැහැ මට..///

Mathaka | මතක

A free, open, community-driven database preserving Sri Lankan Sinhala song lyrics for future generations.

ශ්‍රී ලාංකික සිංහල ගීතය රැකගැනීම සඳහා.

© 2026 Mathaka. Data licensed under ODbL.

Open. Accurate. Eternal.