ජය ජය ලංකා (ජය ශ්‍රී ලංකා) jaya jaya lankaa (jaya shrii lankaa)

Jaya Jaya Lanka (Jaya Sri Lanka)

Music:
නිමේෂ් කුලසිංහnimeesh kulasinha
Lyrics:
අනුරාධ සිගේරාanuraadhha sigeeraa

Lyrics

ජය ජය////

ජය ජය ලංකා දෙරණ ජය ශ්‍රී ලංකා 
ජය වේ ශ්‍රී ලංකා දෙරණ ජය ශ්‍රී ලංකා//
අපේ දෙරණට ජය නියතයි 
සැරදේ ශ්‍රී ලංකා...

මුළු ලෝකෙම ඇස් ඇරෙන්න 
ක්‍රිකට් ගැහුව ශ්‍රී ලංකා 
ගජරාමේට කුසලානෙට පෙරට ඇදෙනවා 
T20 ලෝක ශූර කුසලානය බැබලෙනවා 
ජය නද මැද සිංහ පැටව් පිටියට එනවා...

පන්දු දාන පොලු ගලවන 
පහර ගහන කොල්ලනේ
මෙදා පාර T20 කුසලානේ ගේමුනේ...//

ජය ජය ලංකා...

හඳ ගාවට පන්දු යන්න 
හයේ පහර දෙයි සංගා
කරබාගෙන ප්‍රතිභාකිවු ගෙදර දුවනවා 
හැටට හැටේ අධිවේගෙන් 
පන්දු යවනවා මාලිංග  
හුළං පාරටත් කඩුල්ල බිමට වැටෙනවා...

සින්දු කියන පපරේ ගහන 
චියර් කරන කොල්ලනේ 
සුබ පතන්න රොද බැදෙන්න කෙල්ලනේ...//

ජය ජය////

පන්දු දාන පොලු...////

 

 

Mathaka | මතක

A free, open, community-driven database preserving Sri Lankan Sinhala song lyrics for future generations.

ශ්‍රී ලාංකික සිංහල ගීතය රැකගැනීම සඳහා.

© 2026 Mathaka. Data licensed under ODbL.

Open. Accurate. Eternal.