ජය ඝෝෂා ආයෙත් (කුසලානේ)jaya ghooshaa aayeth (kusalaanee)

Jaya Gosha Ayeth (Kusalane)

Lyrics

ජය ඝෝෂා ආයෙත් රැව්දෙනා 
කොයි කාගෙත්  හදවත් පිබිදෙනවා 
හිතවත්කම් මිතුදම් මතුවෙනවා 
ශ්‍රී ලංකාවේ අපි ජය ටැඹ වෙත යනවා 
අභිමානෙන් හෙළ අභිමානෙන් එකතු වෙලා 
පෙරටම යනු මැන අප ලක් මවගේ නම තියලා...

හැකියා ඔප නංවා දස්කම් විස්කම් පෙන්වා 
එක එල්ලේ තණ නිල්ලේ දිරි වඩලා 
පිත්තෙන් පන්දුවෙන් සැම මුළු ලොව 
විශ්මිත කරවා කුසලානේ ගෙන එවී ජය ලබලා 
සුබ පතමු ජය පතමු අප සැම එකතු වෙලා 
ඔල්වරසන් දෙමු දසඅත සිහ ධජ ඔසවලා...

ජය ඝෝෂා ආයෙත්...

හිත තුළ නෑ සැක සංකා කිරුළ ලක් මවටයි 
අප කව්රුත් හැමදාමත් ඔබ සමගයි 
ලෝ තලයේ නම රන්දා තරඟ පෙළම 
ජයගෙන එයි...
අපි ගැයුවේ ආසිරි ගී ඔබ සැමටයි
සුබ පතමු ජය පතමු අප සැම එකතු වෙලා 
ඔල්වරසන් දෙමු දසඅත සිහ ධජ ඔසවලා...

අභිමානෙන් හෙළ අභිමානෙන් එකතු වෙලා 
පෙරටම යනු මැන අප ලක් මවගේ නම තියලා...//

Mathaka | මතක

A free, open, community-driven database preserving Sri Lankan Sinhala song lyrics for future generations.

ශ්‍රී ලාංකික සිංහල ගීතය රැකගැනීම සඳහා.

© 2026 Mathaka. Data licensed under ODbL.

Open. Accurate. Eternal.