ජාති ‍භේද ඕනෙ නෑjaathi bheedha oone nae

Jathi Beda One Na

Lyrics

ජාති ‍භේද ඕනෙ නෑ
ආගමින් වැඩක් නෑ 
කලුයි සුදුයි කියලා බෑ 
දුක්වෙලා පලක් නෑ  
ඉතින් එන්න එක්වෙලා 
ආදරෙන් ලං වෙලා 
මිහිර විඳිමු සංගීතයේ
ජාති ‍භේද ඕනෙ නෑ
ආගමින් වැඩක් නෑ 
කලුයි සුදුයි කියලා බෑ 
දුක්වෙලා පලක් නෑ

නැහෙන ලොවේ සතුරන් වී කවුරුද දිනුවේ 
අද සතුටු වෙලා වෛර බැඳන් කීම ලත වෙන්නේ  
එක මවගේ දරුවො වෙලා 
එක පොකුරේ මලක් වෙලා 
එකම රෑනේ තරුවැල් වීලා 
සිතේ සුසුම් ඉවත හෙලා 
සිනහා පොකුරු බිමට හෙලා 
ලෝකය ලස්සන කරවන්නම්  

ජාති ‍භේද ඕනෙ නෑ....

සොහොයුරු පෙම කවදාවත් නෑ පරදින්නේ 
වැට ඉනි තව බෙදාගන්න ඇයි වෙහෙසෙන්නේ 
පුංචි රටේ මිතුරො වෙලා 
සැක සංකා දුරු කරලා 
ප්‍රීති වෙන්න එන්න එක්වෙලා 
සියළු සටන් අත හැරලා 
අත්වැල් බැඳ එකතු වෙලා 
ගීතෙන් මුළු ලොව සැනසේවා  

ජාති ‍භේද ඕනෙ නෑ....

Mathaka | මතක

A free, open, community-driven database preserving Sri Lankan Sinhala song lyrics for future generations.

ශ්‍රී ලාංකික සිංහල ගීතය රැකගැනීම සඳහා.

© 2026 Mathaka. Data licensed under ODbL.

Open. Accurate. Eternal.