ජන්ම භූමි වන්දනාjanma bhuumi wandhanaa

Janma Bhoomi Vandana

Music:
ආර්. ඒ. චන්ද්‍රසේනaar. ee. chandhraseena
Lyrics:
සිරිල් A සීලවිමලsiril a siilawimala

Lyrics

ජන්ම භූමි වන්දනා පුන්‍ය භූමි වූ
මාතෘ භූමි වන්දනා ස්වර්ණ භූමි වූ
ලොව, රම්‍ය භූමි වූ...//

සූර්ය රාජයා ඇදී ‍රැස් විදා වඳී උදේ
සිව් මහා ගඟුන් රිදී ගී ගයා වයා ඇදේ
හා...හහා...හහා...  
ලංකා භූමියේ
මාතෘ භූමි වන්දනා ස්වර්ණ භූමි වූ
ලොව රම්‍ය භූමි වූ...

මේ බිමේ පොළෝ තලේ පෑගුණත් ලැබේ බලේ
සියල්ලෝම ආසාවේ ඉපිලේ
හා...හහා...හහා... 
ලංකා භූමියේ
මාතෘ භූමි වන්දනා ස්වර්ණ භූමි වූ
ලොව රම්‍ය භූමි වූ...//
ලොව පුන්‍ය භූමි වූ...

ජන්ම භූමි වන්දනා...//

Mathaka | මතක

A free, open, community-driven database preserving Sri Lankan Sinhala song lyrics for future generations.

ශ්‍රී ලාංකික සිංහල ගීතය රැකගැනීම සඳහා.

© 2026 Mathaka. Data licensed under ODbL.

Open. Accurate. Eternal.