ජගදානන්දන මහා කාරුණිකjagadhaanandhana mahaa kaarunika

Jagadhanandana Maha Kaarunika

Lyrics

ජගදානන්දන මහා කාරුණික
සිරසවන්දන ශීල ගුණෝපිත
අනූපමේය වූ එවන් නාමයට
නමස්‌කාර වේවා

අහස උසට නැගි සවනක්‌ ඝණරැස්‌
කේතු මාලාවෝ
මොහඳුර විනිවිද තිමිර පටල බිඳ
භවාග්‍රයේ විහිදෙන යාමේ
සවනේ ගෙවා දත් මහා ඥාණයට
නමස්‌කාර වේවා

මහී තලය මත සදා සරණ බඳු
දයා සමුදාවෝ
ගලා බසින සඳ නිවා අග්නි කඳ
පුදා ප්‍රණාමය පා මඬලේ
පාරමී පූරිත විපුල වීර්යට
නමස්‌කාර වේවා

Mathaka | මතක

A free, open, community-driven database preserving Sri Lankan Sinhala song lyrics for future generations.

ශ්‍රී ලාංකික සිංහල ගීතය රැකගැනීම සඳහා.

© 2026 Mathaka. Data licensed under ODbL.

Open. Accurate. Eternal.