Lyrics
හොර රහසේ නෙත් මායාවේ පටලා
ආශාවේ සිත් සේයාවේ ගැටුනා
සංසාරේ දුටු සිහිනේ ඉටු වීලා
(අරුමයක්ද නුඹේ ඔය ඇස් මගේ වෙලා...//)
ඉවසුම් නෑ සිපගන්නා තෙක්
ඔය කම්මුල් ඇති වෙන්නෑ
දඟකරනා විට ලා රතු තොල් දැනුනේ නෑ
ඒ දිගු රූ නිමවූ බවවත් හැර යන්නෑ
හද ගැහෙනා තුරු ඇස් නම්
සුපිපේ ඔය සිත් උයනේ පියුමක් වාගේ
මල් මී උදුරන්නද ම බඹරෙකු වාගේ
නැවතී ඔබ හා සීතල අඳුරේ
(සෙනෙහේ පවරා දෙන්නද නුඹ හට මාගේ...//)
ඉවසුම් නෑ සිපගන්නා තෙක්....//