ඉවසුම් දේ නම්iwasum dhee nam

Iwasum De Nam

Lyrics

ඉවසුම් දේ නම් සිත මේතරමට සුසුම් හෙලන්නේ නෑ
ළතවෙන්නේ නම් අපි මේ තරමට කඳුලු හෙලන්නේ නෑ
සංසාරේ නුඹ ගැන හිතුවත් මට නුඹ යලි හිමි වෙන්නෑ
පරසතු කුසුමක් වුණු බව ඔය හිත මගෙ හිත පිළිගන්නෑ

ලොකය ඉදිරියේ සිනහ මුහුණ පෙන්වාගෙන සැමදින
මම දුක් වින්දා මෙප සිර කරගෙන සැමදා අනෙක විඳ
රෑ තුන්තිස් පැය  සිහින නෙලා පැළදුව හැටි නුඹගෙ ගෙල
මතකෙට එන විට බැහැ ඉවසන්නට වැයෙනවා කඳුලු කැට

සුවදක් වක් නැති ආදරයක් ළග මායවක් ද නූඹ
අතිනත අරගෙන පිටගම් යනවද  මුවඟින් නොකිය මට
තරු ගලපා අපි එක් වෙන දිනයක් ළග වත් නොමැති විට
ආගිය තැන් වල මතකය පමණක් සිහිනෙන් විඳිමි තව

Mathaka | මතක

A free, open, community-driven database preserving Sri Lankan Sinhala song lyrics for future generations.

ශ්‍රී ලාංකික සිංහල ගීතය රැකගැනීම සඳහා.

© 2026 Mathaka. Data licensed under ODbL.

Open. Accurate. Eternal.