ඉවසීමෙන් සැනසීමක් නෑiwasiimen saenasiimak nae

Iwasimen Sanasimak Na

Lyrics

ඉවසීමෙන් සැනසීමක් නෑ
මටනම් තව ලැබිලා
වැටහීමෙන් හිටියානම්
අපි අදටත් හිනා වෙලා

කළ වරදක් නෑ කළේ යන්න
තනි තිරණයක් ඔබ ගත්ත
කිසි තරහක් නෑ මට වෙන්න
දැන්වත් එක හිතකින් ඉන්න

සතුටුයි මට අදටත්
මගේ අවංක ආදරේ පුදපූ
මතකයි හැම දවසක්
එක කුඩයක් යට අපි හිටපූ

මතකය මට වෙන්නට අමතක
ඇස් වහගෙන යන්නද සමුගෙන
ඔබ නොමැතිව වෙනකාවත් මට
බැහැ ආයෙත් ලං කරගන්නට

පණ හරි දෙන්නම් සතුටින් මම
වෙන කාගෙත් වෙන්න එපා ඔබ
දිවුරා කිවුවේ හැමදාකම
ඉන්නවා කියලයි හැමදාටම

Mathaka | මතක

A free, open, community-driven database preserving Sri Lankan Sinhala song lyrics for future generations.

ශ්‍රී ලාංකික සිංහල ගීතය රැකගැනීම සඳහා.

© 2026 Mathaka. Data licensed under ODbL.

Open. Accurate. Eternal.