Lyrics
දිවුරාලා හිසට ආදරේ කියපු
පින්වන්ත ඔබට දැන් මා එපාලු
අනුකම්පාවක් නැතිවාද ආදරියේ
කඳුලැල් දෝතක් පුරවන්න මේ දෙනෙතේ
මාගේ ඉටි රූපේ තරහින් රණ්ඩු කරලා වෙන්වුනු
ආයේ දැක ගන්න පතනා පෙම්වතෙක් මා තනිවුනු....//
කළුවර රාත්‍රියක් වගේ හදවත දැන් අමාවකයි
ඔබ ඇස්බැන්දුමක් කලේ මගේ මුළු ජීවිතේටමයි
අද මටත් වඩා හොඳ කෙනෙක් හොයාගෙන ගියාට ඈතකට
හිටියටත් වඩා මගේ සුරංගනාවිය පරිස්සමෙන් ඉන්න
මාගේ ඉටි රූපේ....//
දවසක මාගේ ආදරේ ඔබහට ආයේ ඕන වෙයි
එදිනට මා නැතත් ලොවේ මතකය වාතලේ තියෙයි
පෙර උපන් භවේකදී නොදන්නා කමට ගෙනාව පාපෙකට
අපේ කතන්දරේ මුසු උනා දිනෙන් දින අතීත කාලයට
මාගේ ඉටි රූපේ....//