ඉතින් ආයේ නැගෙමුithin aayee naegemu

Ithin Aye Negemu

Music:
සචිත් රුවිඳු බෝගොඩsachith ruwindu boogoda
Lyrics:
ශෙහාන් බාලසූරියshehaan baalasuuriya

Lyrics

ලේ මස් දන් දී සුරැකි ම්ව් දෙරණ රකින්න පෙරට එමු
මම හැදුනොත් රට රකින්න පුළුවන් හිතට වීරිය ගමු
සතුරා පරදවමු අපි එකා වන්ව නැගෙමු
හිතිං පවුරු බඳිමු අපි ගතින් ඈත හිඳිමු

අසරණ මිනිසුන් කඳුලු පිසින්නට අත්වැල් දිගු කරමු
දිවිය දෙවැනි කොට දෙරණ රකින 
විරුවන් හට සහය දෙමු
දෙවියෝ නුඹයි මහ පොලොව රකින
ආශිර්වාදය පතමු
මනුසත් කම් මවමු අපි ඉතිං ආයේ නැගෙමු.

වැටුනු තැනින් ආයෙම නැගිටින්නට හිතවත්කම් බෙදමු
අපේ කමට තැනදී ඉතිහාසය රනින් ලකුණු කරමු
මගේ යුතුකම කරමු වගකීමෙන් වැඩ කරමු.
වැටුනු තැනින් නැගෙමු ලොව අළුතින් හෙට ලියමු

Mathaka | මතක

A free, open, community-driven database preserving Sri Lankan Sinhala song lyrics for future generations.

ශ්‍රී ලාංකික සිංහල ගීතය රැකගැනීම සඳහා.

© 2026 Mathaka. Data licensed under ODbL.

Open. Accurate. Eternal.