Lyrics
ඉතින් අපි යමු පෙම් ලොවම හැරදා
නෙතින් පිටවුනී මහ කදුලු වරුසා
සොදුරු මතකය සමුඅරන් යන දා
කුමටදෝ ළංවුණේ අප දෙදනා
මහෝඝයකට අසුබ ළකුණක් වී
වියෝගයේ තරු අහස් කුස පිපුණී
ඉඩෝරයකට දිය පොදක් නොවුණී
මගේ ලොව අද තනිව මම හඩමී
අහිංසක පෙම් පුවත මත කදුලූ
රදා නොසිටින තරම් පව් පිරුණූ
සදාකාලික සුවද මට ළංවූ
අහිමි වූ දුක දරන්නේ කවුරූ
ඉතින් අපි යමු...........