ඉස්සර මා ඔබissara maa oba

Issara Ma Oba

Lyrics

ඉස්සර මා ඔබ දකින්න ආවේ 
මුව සරසාගෙන සිනහවකින් 
දැන් ඉඳහිටලා බලන්න එන්නේ 
දරන්න බැරි වේදනාවකින් 

මට ඔබ හිරු මෙන් විශ්වාසයි කී 
ඔබටම මා ගැන සැක සිතලා 
වැරදි සොයනවද සමුගෙන යන්නට 
වෙන හද කුටියක දොර ඇරලා 
එවන් තැනකදී ඔබගේ යහපත
දියුණුව සම්පත සැලසේනම් 
මගේ දිවිය හැර අනෙක් සියලු දේ 
කැප කෙරුමට මා සුදානම් 

මගේ නිදොස් බව වැටහුණු දිනදී 
කිව මැන අප දත් කෙනෙකු සොයා 
එය දැනගත් පසු මම සැනසිල්ලේ
සැතපෙමි සදහට දෙනෙත පියා   
මට ඔබ හිරු මෙන් විශ්වාසයි කී 
ඔබටම මා ගැන සැක සිතලා 
වැරදි සොයනවද සමුගෙන යන්නට 
වෙන හද කුටියක දොර ඇරලා

ඉස්සර මා ඔබ දකින්න ආවේ 
මුව සරසාගෙන සිනහවකින් 
දැන් ඉඳහිටලා බලන්න එන්නේ 
දරන්න බැරි වේදනාවකින් 
දරන්න බැරි වේදනාවකින් 
දරන්න බැරි වේදනාවකින්

Mathaka | මතක

A free, open, community-driven database preserving Sri Lankan Sinhala song lyrics for future generations.

ශ්‍රී ලාංකික සිංහල ගීතය රැකගැනීම සඳහා.

© 2026 Mathaka. Data licensed under ODbL.

Open. Accurate. Eternal.