ඍතුවක් වී නම් මංruthuwak wii nam man

Irthuwak Wee Nam Man

Music:
තරිඳු බණ්ඩාරtharindu bandaara
Lyrics:
ප්‍රදීප් දිසානායකpradhiip dhisaanaayaka

Lyrics

පෙම් දුක් ඇතී
මේ හිතේ ලියැවුනූ
ඒ මග තොටේ
ඔබ තමයි හමුවුනූ
(ඍතුවක් වී නම් මං
ඔබ සුළඟ වී එයි නම්
ඔබ මගේ ජීවිතේ බැව්
තේරුනා)..//

පාට තොල් ඈගේ
ආලේ මවයි
ආලේ ඈගේ මතින්
මා මත් කරයි
හිනාවෙන් පාන රූපෙ මේ
ආදරේ පාන රූපේ ඒ
ඉඩෝරේ ආයෙ නාවදෙන්
මේ භවේ

පෙම් දුක් ඇතී....

පාළු මේ යාමේ
මාගේ ලඟයි
ආයේ ඇයගේ හිතින්
මා පෙම් කරයි
සරාගී පාන රූපෙ ඒ
හමාවී වයන තනුව මේ
ඉඩෝරේ ආයෙ නාවදෙන්
මේ භවේ

පෙම් දුක් ඇතී....

Mathaka | මතක

A free, open, community-driven database preserving Sri Lankan Sinhala song lyrics for future generations.

ශ්‍රී ලාංකික සිංහල ගීතය රැකගැනීම සඳහා.

© 2026 Mathaka. Data licensed under ODbL.

Open. Accurate. Eternal.