අයිරින් ජොසපින්(වියෝලෙ මාගේ)ayirin josapin(wiyoole maagee)

Irin Josapin(Viyole Mage)

Lyrics

අයිරින් ජොසපින් රොසලින් ඇන්ජලින්
අතරින් පතරින් නටයිද කැතරින්
පියානො බැන්ජෝ ටැමරින් මැන්ඩලින්
වයලින් වයලින් ලෝකෙ නොනැසෙන වයලින්

වියෝලෙ මා සනසන වියෝලේ
වියොලේ ඔබ මගෙ අතෙ මෙවේලේ
ඔබේ මිහිරි නදට නිදැල්ලේ
නැලවේ ළදරුවො රන් තොටිල්ලේ
වියොලේ ඔබව නෑ මා හැර ගියේ
සංගීත සාස්තරේ කුමාරියේ
විනෝදේ ඔබනේ සුර ලියන්ගේ
වියොලේ වියෝලෙ මාගේ
වියොලේ වියෝලෙ මාගේ...

අයිරින් ජොසපින් රොසලින් ඇන්ජලින්.../

ගේනා නාදෙට දෙව් සුර ලියන්
ඇසුවානේ ගුත්තිල පණ්ඩිත වට කරන්
නිරිඳුන් බිසෝවරුන්ද මනු දනන්
ආවානේ ඔබෙ තරගෙට දුර සිටන්
මිහිරී ගීත නාද ලියන්ගේ
ඇසිලා සිත් වැදුණ කුමර දනන්ගේ
නාදේ මහළු වුණත් අනර්ගේ
වියොලේ වියෝලෙ මාගේ
වියොලේ වියෝලෙ මාගේ...

අයිරින් ජොසපින් රොසලින් ඇන්ජලින්.../

බාලෙදි ඔබට බැන්ද ආදරේ
මේ කාලේ සිට සිතෙන් මාගෙ නොම හැරේ
සිතේ ඇතිවෙන දුක් කරදරේ
ඔබගේ එක තාලයකට මග ඇරේ
මාගේ අවසාන මොහොත වෙලාවේ
නාදේ කුමටද මට නලාවේ
හමුවෙමු අපි දෙන්නා සුවර්ගේ
වියොලේ වියෝලෙ මාගේ
වියොලේ වියෝලෙ මාගේ...

Mathaka | මතක

A free, open, community-driven database preserving Sri Lankan Sinhala song lyrics for future generations.

ශ්‍රී ලාංකික සිංහල ගීතය රැකගැනීම සඳහා.

© 2026 Mathaka. Data licensed under ODbL.

Open. Accurate. Eternal.