ඉරට මුවාවෙන් ඉඳගෙනirata muwaawen indagena

Irata Muwaaven Indagena

Lyrics

ඉරට මුවාවෙන් ඉඳගෙන හිස පීරනවා
සඳට මුවාවෙන් ඉඳගෙන සළු පළඳිනවා
දීප චන්ද්‍ර රේඛාවෙන් මුහුණ බලනවා
වළාකුලෙන් අහස්‌ තලෙන් බිමට වඩිනවා....

(පායන තරු ඇස්‌ ඇරලා බලා සිටිනවා...//)
පීදෙන මල් පෙති විදහා මුකුළු කරනවා
සුළන් රොදින් ඇදී ඇවිත් ඇඟේ වෙලෙනවා
ගහකොළ සෙලවෙන තාලෙට රහස්‌ කියනවා....

(මේඝ මැදින් විදුලිය මෙන් නටා දිවෙනවා...//)
සීතල පොද වරුසාවෙන් සුසුම් සළනවා
ඇළ දොළ ගං ඇද හැලීලා ගිමන් නිවෙනවා
මගේ හදට සදා සතුට ඔබෙන් ලැබෙනවා.... 

ඉරට මුවාවෙන්....

Mathaka | මතක

A free, open, community-driven database preserving Sri Lankan Sinhala song lyrics for future generations.

ශ්‍රී ලාංකික සිංහල ගීතය රැකගැනීම සඳහා.

© 2026 Mathaka. Data licensed under ODbL.

Open. Accurate. Eternal.