ඉරණමට ඉඩදෙන්න බැහැ වස්තුවේiranamata idadhenna baehae wasthuwee

Iranamata Ida Denna Ba Wasthuwe

Music:
ප්‍රගීත් පෙරේරාpragiith pereeraa
Lyrics:
උවිඳු දයාරත්නuwindu dhayaarathna

Lyrics

හිත නැවතුනා ගාව වැඩිමල් හිතක් 
අමතක කරන්නත් නෑ පුලුවන්කමක් 
ආදරය ඔහොමයි කරන්නද කුමක් 
වලකන්න බැහැ නේද වැටකො‍ටු බැඳන් 
  
(ඉරණමට ඉඩදෙන්න බැහැ වස්තුවේ 
එනතුරුම මරණය ඉතිං අපි අපේ)..// 

මොනවත්ම වෙන අගය නෑ ඔබ තරම් 
අඩුපාඩු නෑ මා ළගින් හිටියොතින් 
පැරදෙන්න ඉඩ දෙන්නෙ නෑ කෙදිනවත් 
අද වාගෙ හෙටටත් ආදරෙයි මං ගොඩක් 

(ඉරණමට ඉඩදෙන්න බැහැ වස්තුවේ 
එනතුරුම මරණය ඉතිං අපි අපේ)..// 

මගෙ කියල මට ඉන්නෙ විතරයි ඔයා 
ඇස්දෙක වගේ රකිමි සැකයක් එපා 
රහසින්මවත් වැරදි කර නෑ මෙමා 
හැමදේට මට ඉන්නෙ දැන් ඔබ තමා   

හිත නැවතුනා ගාව....
 
(ඉරණමට ඉඩදෙන්න බැහැ වස්තුවේ 
එනතුරුම මරණය ඉතිං අපි අපේ)..//

Mathaka | මතක

A free, open, community-driven database preserving Sri Lankan Sinhala song lyrics for future generations.

ශ්‍රී ලාංකික සිංහල ගීතය රැකගැනීම සඳහා.

© 2026 Mathaka. Data licensed under ODbL.

Open. Accurate. Eternal.