Lyrics
ඉරයි හදයි වැඳ අවසර ඉල්ලා
මවයි පියයිි වැඳ අවසර ඉල්ලා
උපන් ගමට වැඳ අවසර ඉල්ලා
(එන දා නොවර දා කියන දා කවද දෝ......//)
(නැවුම් කලෙන් උදෙන් වතුර නාලා
කිතුල් රැහැන් කොණ්ඩේ කඩා දාලා
සමන් මලක් නෙලන් රන්දවාලා
සිහින් සිනිඳු සළුවක් දවටාලා....//)
එන දා නොවර දා කියන දා කවද දෝ......
ඉරයි හදයි වැඳ.....
(පැල්පත තුළ මැණික් පහන වීලා
නංගීගේ හොඳ නෑනන්ඩිය වීලා
අම්මගේ සිත දිනූ ලේලිය වීලා
ආල වඩන මගේ සොඳුර වීලා....//)
එන දා නොවර දා කියන දා කවද දෝ......
ඉරයි හදයි වැඳ.....