ඉර වට යන ගිරවුන්නේira wata yana girawunnee

Ira Wata Yana Girawunne

Lyrics

ඉර වට යන  ගිරවුන්නේ අහපල්ලා
සඳ වට යන සාවුන්නේ අහපල්ලා
මල වට යන බඹරුන්නේ අහපල්ලා
ලක් මවුනගේ තිසි සදිසි ගුණ වරුණා…
ඉර වරි වරියේ සඳ වරි වරියේ
මේ රන් දෙරණේ රැකවරණා…

අරුණු විලේ මල් සුවඳ සැලේ
වනාන්තරේ වන විහඟ සරේ
ඇළ දොළ ඕ කඳු වැටි පිරි බිම මේ
සයුරයි සිව් දිගත පිරි...
තුරු සෙවණයි මුළු හිතම නිවේ
එක රස ඇති ඵල හැම දස අත ඇති බිම මේ
නිම් නැත මේ දීපේ සිරි වරුණා…

නිලට නිලේ කිරි ගොයම් පැසේ
නිරන්තරේ නිල් වැස්ස වැටේ
යන මහ ගොවිකම සරු කළ පින් බිම මේ
සිරි සමනොල කඳු සිරස තිසේ
සිරි දළදා හිමි සරණ ඇති...
ලොව්තුරු අපේ මුණි දම් කඳ රැඳී බිම මේ
නිම් නැත මේ දීපේ සිරි වරුණා…

ඉර වට යන…

Mathaka | මතක

A free, open, community-driven database preserving Sri Lankan Sinhala song lyrics for future generations.

ශ්‍රී ලාංකික සිංහල ගීතය රැකගැනීම සඳහා.

© 2026 Mathaka. Data licensed under ODbL.

Open. Accurate. Eternal.