ඉර සඳ වැඳලාira sanda waendalaa

Ira Sanda Wandala

Lyrics

ආදරේ ආදරේ ආදරේ....

ඉර සඳ වැඳලා නෙත් දෙක ඇරලා
අත ඔබේ නළලේ තියා
හදවත සපුරා පවසමි ඉඳුරා
මම ආදරෙයි කියා
මගෙ සිත සැනසී සැක බිය වැනසී
ගණඳුර පහව ගියා
මම ඔබ අඳුනා පිළිගමි ඉඳුරා
මම ආදරෙයි කියා

සතර දිගන්තේ සොඳුරු වසන්තේ
ඔය මුහුණෙහි දකිමී
ඇස පිය නොහැරා දෙනෙතෙහි සතපා
ඔබෙ රුව මම රකිමි

මුළු ලොව මත්තේ මගෙ යැයි කිව හැකි
ඔබ පමණයි ඇත්තේ
හෝ... ඔබ මා ළඟනම්
ජීවිතයට වෙන කිසිවක්‌ හිඟ නැත්තේ

Mathaka | මතක

A free, open, community-driven database preserving Sri Lankan Sinhala song lyrics for future generations.

ශ්‍රී ලාංකික සිංහල ගීතය රැකගැනීම සඳහා.

© 2026 Mathaka. Data licensed under ODbL.

Open. Accurate. Eternal.