ඉර පුපුරනවාලු තරු පූදින කාලේ (උඩවැඩියා මලේ)ira pupuranawaalu tharu puudhina kaalee (udawaediyaa malee)

Ira Pupuranawalu Tharu Pudina Kale (Udawadiya Male)

Music:
රධීෂ් වැන්දබෝනාradhhiish waendhaboonaa
Lyrics:
උපුල් ශාන්ත සන්නස්ගලupul shaantha sannasgala

Lyrics

ඉර පුපුරනවාලු තරු පූදින කාලේ
හඳ මිය යනවාලු තරු දී දිලි අහසේ
දෙරණ පුරා පිපුණා මල් සුවඳක් ආවා
ගිරි හිස මත තිබුණා අපි වාගේ
උඩවැඩියා මලේ අපි හැදුනේ වෙලී
මව් කුසයේ සබැඳි එක රෑනේ...

මිරිඟුව දැක සිහිනය ළඟ නතර වී හිනැහෙමු
තටු පිරිමැද ඒක හීනෙක රෑන වී පියඹමු
තුරුලේ ළමැදේ පිරුනේ ආදරේ
මගේ ජීවිතේ වාගේ.....
උඩවැඩියා මලේ අපි හැදුනේ වෙලී
මව් කුසයේ සබැඳි එක රෑනේ...

ඉර පුපුරනවාලු....

එක උරහිස ළඟ පිලිවිස කුමරිය හිස සිඹිමු
උපදින හෙට එක මව් කුස ආදරයේ නම තියමු
තුරුලේ ළමැදේ පිරුනේ ආදරේ
මගේ ජීවිතේ වගේ.....
උඩවැඩියා මලේ අපි හැදුනේ වෙලී
මව් කුසයේ සබැඳි එක රෑනේ...

ඉර පුපුරනවාලු....

උඩවැඩියා මලේ අපි හැදුනේ වෙලී
මව් කුසයේ සබැඳි එක රෑනේ...

Mathaka | මතක

A free, open, community-driven database preserving Sri Lankan Sinhala song lyrics for future generations.

ශ්‍රී ලාංකික සිංහල ගීතය රැකගැනීම සඳහා.

© 2026 Mathaka. Data licensed under ODbL.

Open. Accurate. Eternal.