ඉර හද යට ඔබ දිදුලන තනි තරුවක්ira hadha yata oba dhidhulana thani tharuwak

Ira Handa Yata Oba - Awasara Denawada

Lyrics

ඉර හද යට ඔබ දිදුලන තනි තරුවක්
නිසසල සතුවිලි කලතන හසරල්ලක්
නුපුරුදු ඔබ රුව මට පුරුදුම හැගුනක්
අවසර දෙනවද මුමුණන්නට වදනක්

ආඩම්බර කම තිබුනත් හැඩකාර
හිත විකසිත කළ ඔබ රුව මනහර
ඔය නෙතු කල්මේ සැගවුණු පෙම් හීන
මට විතරක්මද දැනුනේ මිහිරාව

හමුවුණු දවසෙම හිත එබිකම් පාන
මේ තරමට ඇයි ලෙන්ගතුකම් බෝම
වාරු නැතුව හිත දුවනවා දුර ඈත
නවතින්නට ඉඩ දෙනවද ඔබ ගාව

Mathaka | මතක

A free, open, community-driven database preserving Sri Lankan Sinhala song lyrics for future generations.

ශ්‍රී ලාංකික සිංහල ගීතය රැකගැනීම සඳහා.

© 2026 Mathaka. Data licensed under ODbL.

Open. Accurate. Eternal.