Lyrics

ඉර හඳ යට ඔබයි මමයි අපේ ලෝකයේ
අපේ පාඬුවේ අපට ඉන්න හිටින කියන තැනක්
කොහෙදෝ තියෙන්නේ අපි කොහේදෝ යන්නේ

අපි වාගේ අනන්ත වූ ප්‍රේමවන්තයින් අසරණ
යන්න එන්න ඉන්න තැනක් නැතිව ළතැවෙලා
අතරමං වෙලා වැළපෙන

අපේ නෙතට අප නොපෙනෙන අනුන් දකින කතා කියන
මිනිස් ඇසම මිනිසුන් හට ඇයි එරෙහි වෙලා
වස නපුරු වෙලා ගිනි ගෙන

Mathaka | මතක

A free, open, community-driven database preserving Sri Lankan Sinhala song lyrics for future generations.

ශ්‍රී ලාංකික සිංහල ගීතය රැකගැනීම සඳහා.

© 2026 Mathaka. Data licensed under ODbL.

Open. Accurate. Eternal.