ඉරබටු තරුවirabatu tharuwa

Ira Batu Tharuwa

Music:
එච්. එම්. ජයරත්නech. em. jayarathna
Lyrics:
වසන්ත වීරකෝන්wasantha wiirakoon

Lyrics

ඉරබටු තරුව වෙන්න හැකිනම් මට
ඉරගල වැටෙ වේලාවේ 
පුර හඳ වෙන්න බැරිද මට නුඹ ළඟ
තරු මල් පිපෙන ඉසව්වේ //

නුඹ මහ වැවක් වෙන්න වැහි දිය බිඳක් විලස
මම ඉන්නම් මියෙන තුරුම නුඹගෙ තුරුල්ලේ
වැහි බිඳු දහක් අතර සොයනා නුඹේ සුවඳ
රැක ගන්නම් යන්න නොදී නුඹට නිදැල්ලේ

ඉරබටු තරුව වෙන්න ....

නුඹ මහ ගසක් වෙන්න ලෝකෙට සෙවණ සදන
මම ඉන්නම් විඩා නිවන් නුඹගෙ තොටිල්ලේ
අතු පත් සලා නිබඳ වැටෙනා නුඹ දාහය
පිසලන්නම් නෙතු පියාන ඉන්න සඳැල්ලේ

ඉරබටු තරුව වෙන්න .....

Mathaka | මතක

A free, open, community-driven database preserving Sri Lankan Sinhala song lyrics for future generations.

ශ්‍රී ලාංකික සිංහල ගීතය රැකගැනීම සඳහා.

© 2026 Mathaka. Data licensed under ODbL.

Open. Accurate. Eternal.