ඉපදුණ දා මා ipadhuna dhaa maa

Ipadunu Da Ma

Music:
විජයරත්න රණතුංගwijayarathna ranathunga
Lyrics:
ජෝ රංජිත් ගුණසේකරjoo ranjith gunaseekara

Lyrics

ඉපදුණ දා මා හඬා වැටෙන්නැති
අම්මේ ඔබ හිනැහෙන්න ඇති
දෙතනේ කිරි දී මා සනසන්නැති
අම්මේ ඔබ හිනැහෙන්න ඇති...

(බඩගා දණගා මා නැගිටින්නැති
වැටි වැටි යළි නැගිටින්න ඇති) //
අම්මේ ඔබ හිනැහෙන්න ඇති...

(මට නැගිටින්නට ඔබ අත දෙන්නැති
අම්මා මා සිප ගන්න ඇති) //
අම්මේ ඔබ හිනැහෙන්න ඇති...

(වන්දි ගෙවන්නට අද මට පිං නැති
බුදුන් වදින ලෙස වඳිමි වැටී) //
ඔබ මතු බුදු බව ලබනු ඇතී...//// 

Mathaka | මතක

A free, open, community-driven database preserving Sri Lankan Sinhala song lyrics for future generations.

ශ්‍රී ලාංකික සිංහල ගීතය රැකගැනීම සඳහා.

© 2026 Mathaka. Data licensed under ODbL.

Open. Accurate. Eternal.