ඉන්නම් සදාinnam sadhaa

Innam Sada

Music:
ප්‍රගීත් පෙරේරාpragiith pereeraa
Lyrics:
සඳරුවන් හෙට්ටිආරච්චිsandaruwan hettiaarachchi

Lyrics

කඳුළු තියලා මා හැරදා වෙන් වුණේ ඇයි ඔයා මගෙන්
හිතම රිදවා හීන බිඳලා තනි කළේ ඇයි මේ ලෙසින්
හැම දේ දමා ඔබ වෙන් වෙලා බොරුවෙන් ඔබේ
මා රවටලා මා හැරගියත් ඔහු හොඳ නිසා 
සතුටින් ඔයා ඉන්න ඔහුගේ වෙලා
ඉන්නම් සදා මා තනි වෙලා පාළුවේ මේ දුක දරා.......

මතක අපගේ නොමරා රහසේ නික්මුණේ ඔයා පෙර දිනේ
මා හට වගේ ඔහුටත් ලොවේ වේදනා දෙන්නෙපා මේ වගේ
හැම දේ දමා ඔබ වෙන් වෙලා බොරුවෙන් ඔබේ
මා රවටලා මා හැරගියත් ඔහු හොඳ නිසා 
සතුටින් ඔයා ඉන්න ඔහුගේ වෙලා
ඉන්නම් සදා මා තනි වෙලා පාළුවේ මේ දුක දරා.......

නිතර සිතුවේ සතුට ඔබගේ එය තමයි මගේ ජීවිතේ
නොදැනී රහසේ කඳුළු පිරුණේ ඔබ නිසයි මගේ ආදරේ
හැම දේ දමා ඔබ වෙන් වෙලා බොරුවෙන් ඔබේ
(මා රවටලා මා හැරගියත් ඔහු හොඳ නිසා 
සතුටින් ඔයා ඉන්න ඔහුගේ වෙලා
ඉන්නම් සදා මා තනි වෙලා පාළුවේ මේ දුක දරා.......//)

Mathaka | මතක

A free, open, community-driven database preserving Sri Lankan Sinhala song lyrics for future generations.

ශ්‍රී ලාංකික සිංහල ගීතය රැකගැනීම සඳහා.

© 2026 Mathaka. Data licensed under ODbL.

Open. Accurate. Eternal.