ඉන්නම් ඈතින් මං ඉවසලා යන්තම්වත්innam aethin man iwasalaa yanthamwath

Innam Athin Man Iwasala

Lyrics

ඉන්නම් ඈතින් මං ඉවසලා යන්තම්වත් 
යන්නෑ මතකයෙන් කොහොමවත්...
එන්නම් හරි වේගෙන් නොසිතා හරි දෙවරක් 
කිවුවොත් ආයෙමත් ආදරෙන්...

යන්න තරම් කෙරුවෙ නෑ වැරදි මං..
මට  වඩා ආදරේ ලැබුන්දෝ..
හිනහෙමින් ඇය ලගින් ඔබ හොදින් මං දුකින්...
සැනසුමක් මතු යලිත් ඒවිදෝ...

මං පන ඇරන් ආදරේ කල තරම්...
නොදැනුනේ පවටයී මගේ...
හිටියත් නැති ඔබෙන් ඉල්ලුවත් අයිතිකම් 
දන්නෙමී ඔබ ඉතින් මගෙ නොවේ...

ලං වෙනව නම් අපි ඉතින් ආයෙමත්..
ඔබ තරම් වස්තුවක් වෙන කොහේ...
ජීවිතේ හරි කෙටී ඉතුරු දැන් දින ටිකයී..
ඉඩකඩක් ඔබ ලගින් දෙනවදෝ...

Mathaka | මතක

A free, open, community-driven database preserving Sri Lankan Sinhala song lyrics for future generations.

ශ්‍රී ලාංකික සිංහල ගීතය රැකගැනීම සඳහා.

© 2026 Mathaka. Data licensed under ODbL.

Open. Accurate. Eternal.