ඉඳුවර නීල නෙත් පියල්ලේinduwara niila neth piyallee

Induwara Neela Neth Piyalle

Music:
රධීෂ් වැන්දබෝනාradhhiish waendhaboonaa
Lyrics:
නිලාර් N කසීම්nilaar n kasiim

Lyrics

ඉඳුවර නීල නෙත් පියල්ලේ විකසිත ආදරේ ඉගිල්ලේ
ඔබ රහසින් ඔබ රහසින් මුමුණනදා මට ලං වෙලා විගසින්
ඇමතු සැනින් හැඟුමන් මගේ ජීවිතේ අලුත් කවියක් වුණා
හිත පිරුණා ඔබ ඇසුරේ හිටි විගසේ එයයි ආදරේ
මම ඔබමයි ඔබ මමමයි අපි අපිමයි.......

රෑ තුන්යාමේ මං තනි යහනේ
හීතලෙන් දැවි දැවි දුක් විඳි කාලේ මැවුණා දෑසේ
ඒ එදා ජීවිතේ ලා වැහි පොද යටින් ඔබ සමගින් එති
මං ඇවිදින්නම් සිතිවිලි ඉමේ
මගේ ආදරි සොයා මල් මාවතේ.......

රෑ තුන්යාමේ මා හිත් මානේ ඇයිද ඉඟි බිඟි කළේ
මල් මල් හීනේ මල් ඕවිල්ලේ මං ඔහේ පා වුණේ
ඒ සිතිවිලි ඉමේ ඔබ සමගින් මෙසේ
මං පියඹන්නම් විහඟෙක් වගේ
මගේ ජීවිතේ සොයා හිස් වා තලේ.......

ඉඳුවර නීල නෙත්.......

Mathaka | මතක

A free, open, community-driven database preserving Sri Lankan Sinhala song lyrics for future generations.

ශ්‍රී ලාංකික සිංහල ගීතය රැකගැනීම සඳහා.

© 2026 Mathaka. Data licensed under ODbL.

Open. Accurate. Eternal.