ඉල්ලාවී මේ දෑසමillaawii mee dhaesama

Illawi Me Dasama

Music:
දුලිප් මිරැන්ඩෝdhulip miraendoo
Lyrics:
නාමල් ජයසිංහnaamal jayasinha

Lyrics

සාගරේ වාගෙ වූ ආදරේ හිතේ දරන්...
මේ හිතේ නැවතිලා නුඹ සදා ලැඟුම් අරන්...

හිත් කොනේ නලියනා...
හීනයේ නැලවෙනා...
හිතුමතේ ලංවෙනා...
සැනසුම විඳිනා...

ඉල්ලාවී මේ දෑසම...
පපුතුරේ උණුහුම...
මේ ආදරේ හිමිකම...
විඳගමූ සංසාරෙම...

දෙකොපුලේ වෑහෙනා සිනහවේ පුරා පිරී...
විසිරෙනා සෙනෙහසේ සුව පවා හොඳින් දැනී...

නිදහසේ දඟකලේ...
ජීවිතේ නුඹමනේ...
දැවටෙනා හැමවෙලේ...
සිතුවිලි නිවුනේ...

ඉල්ලාවී මේ දෑසම...
පපුතුරේ උණුහුම...
මේ ආදරේ හිමිකම...
විඳගමූ සංසාරෙම...

සසැලුනේ හිත මගේ නුඹ නිසාම හුරතලී...
හදවතේ හැමදිනේ නුඹ හිඳීවි ගැස්ම වී...

අම්බරේ සඳ වගේ...
නැවතිලා ඉඟිකලේ...
සසැලෙනා හදවතේ...
ගැස්මන් අතරේ...

ඉල්ලාවී මේ දෑසම...
පපුතුරේ උණුහුම...
මේ ආදරේ හිමිකම...
විඳගමූ සංසාරෙම...

Mathaka | මතක

A free, open, community-driven database preserving Sri Lankan Sinhala song lyrics for future generations.

ශ්‍රී ලාංකික සිංහල ගීතය රැකගැනීම සඳහා.

© 2026 Mathaka. Data licensed under ODbL.

Open. Accurate. Eternal.