Lyrics
ඉලන්දාරිකමක් පෙන්නාලා ඔං මාගේ මචං ආවා
රූං ගාලා ඇස් ගස්සාලා හීන් සීරු වැඩක් දීලා
සංගීතයට හැඩ වැඩ දාලා මේ සාදේ රස වැඩි කර දීලා
සංතෝසයට මුල් තැන දීලා
දෑත් වාරු ගෙන ආයේ වාං නටන්නා
හිත් පුරා මේ සාදේ සැපයි සෑමදා
ගෙන සමා මේ ශෝකේ නටයි තාලේටා
මල්සරා මල් දුන්නෙන් විදියි ගාණටා
නටපිනා මේ සාදේ ඉතින් වරෙල්ලා......
කෙල්ලෝ රැලේ පාවෙලා ඒන්න ඇදී සාදෙටා
නිතඹ පවා පද්දලා දෙන්න සිනා ගස්සලා
අපට නැතේ කාරියා නටමු වනා රුස්සලා
දමනු මැනේ පෙම් සිනා ළඟදී ලැබේ මස්සිනා
ගලා හැලෙයි සරා සඳේ නුරා බලේයා
මුලා වුණා වලාකුලේ හැඩේ ඉබේයා
තලා පෙලා දමා නොයේ මගේ සෙනේයා
හිතා මතා නටා ගයා හදේ වෙලේයා.....
ලං වීලා දැන් සීමාවන් දෝරේ යන්නා
හැඟුම් වීලා දැන් ආශාවෙන් කාලේ යන්නා
හැඟුම් දාරාවන් මායාවන් පාවී ඒන්නා
සුසුම් සීමාවන් පීරා දැන් ආශාවෙන් පැතුම් පතන්නා.....
සංගීතයට හැඩ වැඩ දාලා මේ සාදේ රස වැඩි කර දීලා
සංතෝසයට මුල් තැන දීලා
දෑත් වාරු ගෙන ආයේ වාං නටන්නා
හිත් පුරා මේ සාදේ සැපයි සෑමදා
ගෙන සමා මේ ශෝකේ නටයි තාලේටා
මල්සරා මල් දුන්නෙන් විදියි ගාණටා
නටපිනා මේ සාදේ ඉතින් වරෙල්ලා......
කොල්ලා ආවා වීලා මෙල්ල ඉල්ලා කෑවා මාගේ කෙල්ල
අල්ලා දාලා නාරි තැල්ල දෙන්න මාගේ කාසි මල්ල
දෝරේ ගලා නිතඹ සැලා සොඳුරු හැඩේයා
බඹරු ඇදේ සතර වටේ නුඹ කෙලෙසේයා
තඹරු විලේ තිසරි වගේ ගමන මගේයා
ලබන මහේ සිකුරු මගේ හිතත් හදන්නා
ලං වීලා දැන් සීමාවන් දෝරේ යන්නා
හැඟුම් වීලා දැන් ආශාවෙන් කාලේ යන්නා
හැඟුම් දාරාවන් මායාවන් පාවී ඒන්නා
සුසුම් සීමාවන් පීරා දැන් ආශාවෙන් පැතුම් පතන්නා.....
ඉලන්දාරිකමක් පෙන්නාලා.....