Lyrics
ඉක්මනින් හිත හදන්
වැරදි නිවැරදි කරන්
නුඹ වෙතට එනවා මං
අවසරයි ඉතින් සමුගන්න නුඹ කෙරෙන් මට
කාරණා නෑ කිසිදු ඉන්න නුඹ ළඟ
සෑමදේම අන්තිමේදි වැරදිකරු මම
ඒ තමයි ආදරෙන් නුඹ දුන්නු තිළිණය
(ඉක්මනින් හිත හදන්
වැරදි නිවැරදි කරන්
නුඹ වෙතට එනවා මං
තව ශක්තිමත් ලෙසින්...//)
හඬලා පලක් නැති විඳලා පලක් නැති
හිතලා පලක් ඇති වැරදිච්ච තැන් ඇති
සිදුවෙච්ච හැම දෙයක් පාඩමක් කරගෙන
කාලයත් අරගෙන නැගිටින්නෙමි මම
ඉක්මනින් හිත හදන්....//
ඇද හැලෙද්දී වැසි දොස් නගපු ලෝකය
ගුණ දම් කියා තැවෙයි නැතිවෙද්දී මහා වැසි
ඒ වාගේ මගේ සෙනේ දුර යද්දි නුඹ කෙරේ
නුඹටත් දැනේ ලඳේ වටිනකම මගේ පෙමේ
ඉක්මනින් හිත හදන්....//
අවසරයි ඉතින් සමුගන්න නුඹ කෙරෙන් මට....
ඉක්මනින් හිත හදන්....//