ඉක්මන් වෙලාikman welaa

Ikman Wela

Music:
චන්දන වල්පොලchandhana walpola
Lyrics:
සාමින්ද ලියනගේsaamindha liyanagee

Lyrics

ඉක්මන් වෙලා තීරණ අරන් පසු තැවුනෝතින් ඔයා
නුඹටත් වඩා මං දුක් විඳීයි මැරී මැරී හිතින්
මේ ලොවේ නෑ ඔබ තරම් විශ්වාස කළ කෙනෙක් රත්තරන්
මියැදුනත් මා ඒ සොවින් යන්නේ නෑ ඔබේ මතකයෙන්.......

නෙතු නැවතිලා ඔබේ සිතුවමේ කෑ ගසා හඬනවා
කොහොමද මාව අමතක කෙරුවේ වරද නොදනී මේ මා
මේ ලොවේ නෑ ඔබ තරම් විශ්වාස කළ කෙනෙක් රත්තරන්
මියැදුනත් මා ඒ සොවින් යන්නේ නෑ ඔබේ මතකයෙන්.......

නුඹේ හදවතේ දැන් ඉන්න ඔහු මට වඩා ආදරෙන්
රැකගත්තෝතින් ඉන්න හැමදා නොරවටා මෙලෙසින්
මේ ලොවේ නෑ ඔබ තරම් විශ්වාස කළ කෙනෙක් රත්තරන්
මියැදුනත් මා ඒ සොවින් යන්නේ නෑ ඔබේ මතකයෙන්.......

ඉක්මන් වෙලා........

Mathaka | මතක

A free, open, community-driven database preserving Sri Lankan Sinhala song lyrics for future generations.

ශ්‍රී ලාංකික සිංහල ගීතය රැකගැනීම සඳහා.

© 2026 Mathaka. Data licensed under ODbL.

Open. Accurate. Eternal.