ඉකිගසා හඬනikigasaa handana

Ikigasa Handana

Music:
දර්ශන රුවන් දිසානායකdharshana ruwan dhisaanaayaka
Lyrics:
අමිල තේනුවරamila theenuwara

Lyrics

ඉකිගසා හඬන අතීතයක
කඳුලු එක්ක ගනුදෙනු කරනා
මට මගේ නොවන මගේම ආදරයක් තිබුනා

හීනෙන් හිනැහී තුන්යම මා රවටා
මැදියම් මහරෑ අදටත් හිත ඉගිලෙනවා
නින්දෙන් ඇහැරී කලුවරේම යලි සොයනා
මට මගේ නොවන 
(මගේම ආදරයක් තිබුනා)..//

රිදුමක් වාගේ කිසිදා සුව නොවෙනා
සුසුමින් විතරක් නිරතුරුවම පිරිමදිනා
උහුලනු බැරිතැන උනු කඳුලුම වගුරුවනා
මට මගේ නොවන 
(මගේම ආදරයක් තිබුනා)..///

Mathaka | මතක

A free, open, community-driven database preserving Sri Lankan Sinhala song lyrics for future generations.

ශ්‍රී ලාංකික සිංහල ගීතය රැකගැනීම සඳහා.

© 2026 Mathaka. Data licensed under ODbL.

Open. Accurate. Eternal.