ඉඳුනිල් ගගුලැල් පියුමින් සැරසුindunil gagulael piyumin saerasu

Idunil Gagulal

Lyrics

ඉඳුනිල් ගගුලැල් පියුමින් සැරසු
රුව ලස්සන මව් ලංකා
මුතුලැල් සයුරින් තේජමාන දීපයයි
මගේ මව් බිම ලංකා...//

මේ පොලෝ තලේ එදා උන්නු
රාජ රාජ සීංහයන් වන් වූ
දූ පුතුන් ලෙයින් තෙදින් නැන්වූ
මගේ  පුජනීය භුමියයි ලංකා...

ඉඳුනිල් ගගුලැල්.....

සිව් මහා නදී ගලා බැසලා
රත්තරන් ගොයම් කරල් පැසීලා
ජාතිකානුරාගයෙන් නැගිලා
සදා  ජීවිතෙන් පුදා රකිව් ලංකා...

ඉඳුනිල් ගගුලැල්.....

Mathaka | මතක

A free, open, community-driven database preserving Sri Lankan Sinhala song lyrics for future generations.

ශ්‍රී ලාංකික සිංහල ගීතය රැකගැනීම සඳහා.

© 2026 Mathaka. Data licensed under ODbL.

Open. Accurate. Eternal.