Lyrics
මායාවී පායාවී පමාවී....//
ඉඩෝරයේ නගර කොනේ
අයිෆල් සීමාවේ ඔබව පෙනේ
ප්‍රංශ යුවතියන් හදේ කොණ අරන්
ලිලී මල් සුලං මීදුමෙන් වහන්
(මායාවී පායාවී පමාවී....//)
ෆ්‍රෑන්ක් මිටි ගණන් යුරෝපයේ ඉඳන්
හම්බ කරන මගේ කර පිටින්
(යන්න එනවනම් ඇයිද නෙතු පියන්)...//
බලා නොයින් තවත් කල් අරන්.....
ඉඩෝරයේ ....
මායාවී පායාවී පමාවී....//
රයින් ගඟ කොනින් පෙම් හසුන් අරන්
යන්න එන්න මොකද්දෝ හෙයින්
(කියන නෙතු පියන් අහනවද ඉතින්)...//
ශ්වේත වර්ණ කරලියේ ඉඳන්.....
ඉඩෝරයේ ...//