ඉඳිඅප්පන් කඩේindiappan kadee

Idiappan Kade

Lyrics:
ධම්මික බණ්ඩාරdhhammika bandaara

Lyrics

ඉඳිඅප්පන් කඩේ දොර ඇරපන් නගේ 
නුඹේ හිතත් හුලඟට යන ඉඳිඅප්පන් වගේ 
මොකක්ද මේ වදේ මට බහ දීපන් නගේ 
නුඹේ ගැනම හිතල ඔලුව කොත්තු රොටිය වගේ 

ත්‍රීවීලර් පාර්ක් එකට හඳ පායන වෙලේ 
ආමර් වීදියට උඩින් නුඹේ මූන පෙනේ 
ඔයිල් නැතිව නුඹ පස්සෙම දුවලා හැම වෙලේ 
(බොයිල් වෙලා එන්ජිම මග නතර වෙයිද නගේ)...// 

පිඟානෙ අන්තිමට ඉතිරි කරපිංචා කොළේ 
හිතුනා කවියක් ලියන්න නුඹව දැක්ක වෙලේ 
කිරි හොද්දයි සම්බෝලෙයි අපි දෙන්නා වගේ 
(එකතු වුනොත් කවදා හරි රම්පෙට පොරි හැලේ)...// 

(ඉඳිඅප්පන් කඩේ දොර ඇරපන් නගේ 
නුඹේ හිතත් හුලඟට යන ඉඳිඅප්පන් වගේ 
මොකක්ද මේ වදේ මට බහ දීපන් නගේ 
නුඹේ ගැනම හිතල ඔලුව කොත්තු රොටිය වගේ)...//

Mathaka | මතක

A free, open, community-driven database preserving Sri Lankan Sinhala song lyrics for future generations.

ශ්‍රී ලාංකික සිංහල ගීතය රැකගැනීම සඳහා.

© 2026 Mathaka. Data licensed under ODbL.

Open. Accurate. Eternal.