හුස්මේ සැමදා රැදුනාhusmee saemadhaa raedhunaa

Husme Samada

Lyrics

හුස්මේ සැමදා රැදුනා
සදනාරී උපමා මැවුනා
වැස්සේ සිතුසේ තෙමුනා
කිදුරාවී මනසේ ඇදුනා
නෙතු යාවී බැදීලා සදා...
හීන ගානේ රැයේහී පවා...
සද සේයා වතේහී මවා...
පිනි සීතේ දැනේවි කතා......

සුසුම් අංශු පාසා - සුපෙම් වන්ත ආශා
දෑත මදනල ගවසා....
හැගුම් රංචු වීලා - රැයේ පින්නා වීලා
හීන ඇසිපියා සලලා...
සිතේ හැගුම කොදුරා සදා මටම ලැබෙනා නාරී සදා මාගෙ වීලා...
නෙතු යාවී.......

රැදී ඉන්න මාහා - හැගුම් බැල්ම පාලා
සේද රතගරවූවා...
රැයේ නින්දෙ පායා - මවා දුන්නු සේයා
දෑත සසරෙම අමුනා...
සිතේ හැගුම....................
නෙතු යාවී බැදීලා.......................

හුස්මේ සැමදා..........

Mathaka | මතක

A free, open, community-driven database preserving Sri Lankan Sinhala song lyrics for future generations.

ශ්‍රී ලාංකික සිංහල ගීතය රැකගැනීම සඳහා.

© 2026 Mathaka. Data licensed under ODbL.

Open. Accurate. Eternal.