Lyrics
ආදරේ හරියට සුළඟ වගේ
හදවත නිවන්න වගේම
හදවත දවලා අළු කරන්නත්
ආදරේට පුළුවන්
ඇහිපිල්ලමක් යට ඔබව තියලා
රැක ගත්තෙ මං මගෙ නේද කියලා
එක මොහොතකින් මගෙ හිතම හොල්ලා
ඈතට ගියේ ඇයි මාව දවලා
ආදරෙයි ඔබට මං රත්තරං
හුස්මක් තරමට දැනෙනා
ආදරයක් ඔබ දුන්නා
ඔබ නැති ජීවිතයක් මා
හීනෙන් වත් නෑ දැකලා
කවියක් වගේ ඔබ භාවනාවක්
මට ඔබ තරම් නෑ දැනුණේ කාවත්
ඇබ්බැහි වෙලා මම ඔබ ට තාමත්
ඔබ නැති හෙටක් මට නම් අපායක්
ආදරෙයි ඔබට මං රත්තරං
හුස්මක් තරමට දැනෙනා....
මුළු ලෝකයක් පීරාලා සෙව්වත්
මේ මං තරම් ආදරය කවුරුත්
හමුවෙන්නේ නෑ මේ අහස යට නම්
අපි ආදරෙන් එක් වෙමු ද ආයෙත්
ආදරෙයි ඔබට මං රත්තරං
හුස්මක් තරමට දැනෙනා....