Lyrics
හුස්මක් පවා දැනෙන මේ රාත්‍රියේ
කොඳුරා කියාදෙන්න මට ආදරේ
දුල් නෙත් විදාලා රහසින් බලාලා
ඉමු ළං වෙලා මේ රෑ පුරා
පිනි මල් කඩා හැලෙන රෑ සීතලේ
මුමුණා කියාදෙන්න මට ආදරේ
දෙහදක් බැඳීලා සුසුමින් තෙමිලා
පෙම විඳිනවා රතු ලේ පවා...
අඳුරේ පවා පේන තරු නෙත් දිහා
නොසැලී බලා ඉන්න හිතුණා සදා
හැඟුමන් වෙලී උන්නු සුසුමන් පවා
තුරුලේ තියාගනිමි මගේමයි කියා
ඔබේ ආදරෙන් මගේ ජීවිතේ
මුසපත් වෙලා කඳුලක් වුණා...
හුස්මක් පවා දැනෙන...
හසකැන් මවා ඉන්න කෙහෙරැල් ලිහා
නුඹටයි මගේ හීන දෙන්නේ ලියා
පපුවේ නිදා උන්න මොහොතක් පවා
දැනුනා ළයේ ගැඹුර සනසා තියා
මේ ආත්මයෙත් මතු ආත්මයෙත්
ඉමු ළං වෙලා මියෙනා තුරා...