Lyrics
දුර යන්න සිතුවාට සැඟ වී හොරෙන්
ඔබ නැතුව මම ඉන්නේ කොහොමද ඉතින්
වාවන්න බැරි කඳුළු ආවත් නෙතින්
(හුස්මක් දුරින් ඉන්න මට බෑ ඔබෙන්...//)
අවතැන් වෙලා ළැමතුරේ පෙම් හැඟුම්
හීනෙකින් හෝ තවකෙකුට ඔබ නොදෙමි මං
එක්වෙන්න සංසාරේ පිං මදිව නම්
(අපි දෙන්නා එක තැනම මිය යමු ඉතින්...//)
දහසක් නුවන් මා දෙසම නපුරෙන් බලන්
ඉන්නා නිසා හමුවෙන්න බෑ අපට දැන්
එක්වෙන්න සංසාරේ පිං මදිව නම්
(අපි දෙන්නා එක තැනම මිය යමු ඉතින්...//)
දුර යන්න සිතුවාට...