හුස්ම වැටෙනා තුරාhusma waetenaa thuraa

Husma Watena Thura

Music:
ෂෙනාල් මද්දුමගේshenaal madhdhumagee
Lyrics:
හිරාන් චින්තකhiraan chinthaka

Lyrics

හුස්ම වැටෙනා තුරා ඉන්න හයියක් වෙලා
කව්රුවත් නෑ ඔයා සම වෙලා
පාළුවෙන් මා මෙදා ආදරේ තවරලා
ජීවිතේ ඔබ නමින් හැඩ වුණා......

දවසක මාගෙන් වෙන් වෙලා යන්න සිත් දෙන්නෙපා
සිත රිදුණත් නුඹේ මං නිසා දුක්වෙන්නෙපා
හුස්මක් ගානේ ළං වෙලා ඔබේ තුරුලට වෙලා
ඉන්නයි ඕනේ සිහිනෙන් පවා උපදිනා සංසාරයේ පුරා.......

එක පාරයි ආදරෙන් බැඳෙන්නේ සදා
මං බාරයි ඔයාට දැන් මියෙනා තුරා
පින්සාරයි ඔබේ සිනා මට ගෙනදෙයි වාසනා
මං ඉන්නේ ඔයාගේ ළඟට වී සදා නුඹේ ජීවිතේ වෙලා.....

දවසක මාගෙන්.......

හුස්ම වැටෙනා තුරා.......
දවසක මාගෙන්.......

Mathaka | මතක

A free, open, community-driven database preserving Sri Lankan Sinhala song lyrics for future generations.

ශ්‍රී ලාංකික සිංහල ගීතය රැකගැනීම සඳහා.

© 2026 Mathaka. Data licensed under ODbL.

Open. Accurate. Eternal.