හුස්ම දිගේhusma dhigee

Husma Dige

Music:
රොෂාන් ප්‍රනාන්දුroshaan pranaandhu
Lyrics:
ශෙහාන් ගලහිටියාවshehaan galahitiyaawa

Lyrics

හුස්ම දිගේ ඉහළ එන්න මට ඔයාව දැනෙනවා
ගැස්ම දිගේ වැඩි කරන්නේ නුඹම කියා හිතෙනවා
සිත නිවන සඳ සෙවණ මගේ ජීවිතේ ඔබ
මේ ඇත්තමයි මගේ රත්තරනේ මම ආදරෙයි ඔබට.......

සඳක් ඇවිත් රැයම බෝවුණා හෙමින් සැරේ ළඟට ළං වුණා
පෙරුම් පුරන හීණ අපේ ඉටු වෙයිද මතුදා 
සුසුම් සැලෙන නිහඬ රාත්‍රියේසොයමි ජීවිතේ
සිත නිවන සඳ සෙවණ මගේ ජීවිතේ ඔබ
මේ ඇත්තමයි මගේ රත්තරනේ මම ආදරෙයි ඔබට.......

පෙළින් පෙළේ පිපෙන තාරුකා
හැඟුම් වටා වියන සෑදුවා
සඳක් පිපෙන අහස වගේ හිනැහෙන් නොහඬා
හැඟුම් දැනෙන නිසල රාත්‍රියේ විඳිමු ආදරේ......

හුස්ම දිගේ.......

Mathaka | මතක

A free, open, community-driven database preserving Sri Lankan Sinhala song lyrics for future generations.

ශ්‍රී ලාංකික සිංහල ගීතය රැකගැනීම සඳහා.

© 2026 Mathaka. Data licensed under ODbL.

Open. Accurate. Eternal.