Lyrics
අමතක කරන්න නම් ඔය දෑස වස්තුවේ
මේ හුස්ම එක සැණින් නවතින්න වෙයි මගේ.....
මගේ කියන්නට තිබූ වටිනා එකම දේ
ඔයා විතරමයි සුදු බොරු නෑ මගේ හිතේ
හිමි නොවුණට සත්තයි පණ තරම් ආදරෙයි
හෙට මැරුණත් හිතේ ඉන්නේ ඔයා විතරමයි
(අමතක කරන්න නම් ඔය දෑස වස්තුවේ
මේ හුස්ම එක සැණින් නවතින්න වෙයි මගේ.....//)
වරදින්න ඇති දෛවෙටත් මේ වතාවේ
ඇයි දෝ දෙවියනේ මේ අපි ඈත් කළේ
හිමි නොවුණට සත්තයි පණ තරම් ආදරෙයි
හෙට මැරුණත් හිතේ ඉන්නේ ඔයා විතරමයි
(අමතක කරන්න නම් ඔය දෑස වස්තුවේ
මේ හුස්ම එක සැණින් නවතින්න වෙයි මගේ.....//)
පල දෙන්න ඇති කරුමයක් මේ කතාවේ
හමු වී වෙන් නොවෙමු අපි මතු ආත්මයේ
හිමි නොවුණට සත්තයි පණ තරම් ආදරෙයි
හෙට මැරුණත් හිතේ ඉන්නේ ඔයා විතරමයි
(අමතක කරන්න නම් ඔය දෑස වස්තුවේ
මේ හුස්ම එක සැණින් නවතින්න වෙයි මගේ.....//)
මගේ කියන්නට තිබූ.....