Lyrics
හුරතලේට කවි කියමින් එහෙ මෙහෙ ගිය මං
බාල බොළඳ බස් දොඩමින් කැලේ පැන්න මං
බාල වියෙන් පිටමං වී යොවුන් වියට පියමැන්නේ
පිය ළඳුනේ - නුඹ නිසාය
කැදලි පුරා කුරුළු පුරේ ආල හැඟුම් මැවෙනු දුටිමි
කැලේ පුරා ලතා ලපළු තරුවැල් පෙම් කෙළිනු දුටිමි
එවන් දසුන් මා දුටුවේ
පිය ළඳුනේ - නුඹ නිසාය
උනුන් හඹා දුවන පනින සමනළ පෙම්වතුන් දුටිමි
රැලෙන් වෙන්ව පිනා යන ආදරවන්තයින් දුටිමි
එවන් දසුන් මා දුටුවේ
පිය ළඳුනේ - නුඹ නිසාය