කොල්ලෙක් අක්කාkollek akkaa

Hurathal Akka

Music:
විකුම් ලියනගේwikum liyanagee
Lyrics:
චතුර මදුරංගchathura madhuranga

Lyrics

නම්බු නාම සල්ලි බාගේ ඇති කොල්ලෙක් අක්කේ
නුඹ හොයා ගද්දි හොඳ වැඩිමල් උස පෙනුමට දැක්කේ
මම ටිකක් බාල හින්දා මාව සෙල්ලමටද ගත්තේ
මම උඹට ආදරෙයි තවමත් මගේ හුරතල් අක්කේ
මාව රෑට හීනෙනුත් පේන්නේ නුඹ විතරයි අක්කේ......

මාල හතක් පළන්ඳගෙන දෝලාවක යන්න
මුළු ගම්මානෙම හොල්මන් වෙන ලොකු මඟුලක් කන්න
කව්රුත් නැති හැන්දෑවක තුරුළු වෙලා උන්න
ඇස් දෙක පල්ලා හිතුණා එදා මෙහේ බින්න බහින්න
මෙහේ බින්න බහින්න......

නම්බු නාම සල්ලි.....

හයේ හතරේ පෙනුමට උඹ ඔය හිත බැන්දාට
කොයි තරම් ගැටිස්සියන්ගේ හිත බැඳෙන්නැද්ද ඌට
කව්රුත් නිකමටවත් නොපොලොපු මගේ හැඩ පාට
බලා කොහොම මැණිකක් අක්කේ මේ මලයාට
අක්කේ මේ මලයාට......

නම්බු නාම සල්ලි......

Mathaka | මතක

A free, open, community-driven database preserving Sri Lankan Sinhala song lyrics for future generations.

ශ්‍රී ලාංකික සිංහල ගීතය රැකගැනීම සඳහා.

© 2026 Mathaka. Data licensed under ODbL.

Open. Accurate. Eternal.