හුන්නස්ගිර වාගේhunnasgira waagee

Hunnasgira Wage

Music:
අශාන් ප්‍රනාන්දුashaan pranaandhu
Lyrics:
ඩිලාන් ගමගේdilaan gamagee

Lyrics

හුන්නස්ගිර වාගේ නොසැලී 
ඇතෙක් වාගේ දිවි බර අදිති  
ගෙදර බුදුන්ටත් නෑ දෙවනි 
තාත්තේ ඔබ බෝසතුන් වැනි

ඔය පපු තෙරේ සෙනෙහස ඔබේ 
නෑ කිසිදින සිදුනේ 
භවයෙන් භවේ පිය පුතු සෙනේ 
පෙරුම් පුරන් එන්නේ 
තාත්තේ මේ ඇහුනද මං ආදරෙයි   

හුන්නස්ගිර වාගේ නොසැලී......

(හිත පරඩැල් වුනු මේ දිවි කතරේ 
ඔබේ අනුහසිනි දෙපයින් සිටියේ...//) 
නිසි පාර පෙන්වා මා පසුපසම සිටියා 
මා ලොව දිනද්දී ඔබ සතුටු වූවා
තාත්තේ මේ ඇහුනද මං ආදරෙයි   

හුන්නස්ගිර වාගේ නොසැලී...... 

(දුක සැප කැලතෙන ඉරණම් ගමනේ 
ඔබේ සෙනෙහසින් දිවි සරු වූයේ...//) 
නිසි පාර පෙන්වා මා පසුපසම සිටියා 
මා ලොව දිනද්දී ඔබ සතුටු වූවා
තාත්තේ මේ ඇහුනද මං ආදරෙයි   

හුන්නස්ගිර වාගේ නොසැලී......
ඔය පපු තෙරේ සෙනෙහස ඔබේ......

Mathaka | මතක

A free, open, community-driven database preserving Sri Lankan Sinhala song lyrics for future generations.

ශ්‍රී ලාංකික සිංහල ගීතය රැකගැනීම සඳහා.

© 2026 Mathaka. Data licensed under ODbL.

Open. Accurate. Eternal.