හුඟ දෙනෙක් පරවුණා ලඟ මැදුරු
තව කෙනෙක් හිනැහුණා මගෙ බැඳුණු
එකෙක් කර පිටින් තව එකෙක් හැදුණු
මිටින් හල කුරුල්ලෙකි මගෙ මනදූ
ඉතින් පරපුරක් ගැන හිතින් අඳ දුන්
බතින් මගෙ රටේ එක එකා හැදුණු
ගතින් හැඩි දැඩි සමහරක් ළදරු
ඉතින් උඹ එලා ගනින් රට පැදුරු, යා
කිතිකවන් මිසදිටු දනා ලඟ හිත්
ගිනි හිතින් දකී හැමදෙනා දුර ලඟ නෙත්
මන පරවුණු කලා ඔයෙ ඇඳි බිතු සිත්
හැම තනියම ගමනක් අරඹා පිටු හිස්
අතින් මිරිකාගත්තා අනෙකාගෙ පොඩි හිසෙ ගස්
වතින් සරසාගත්තා රටින් ගෙනා පිටි කළ පස්
මතින් ගලවාගත්තා, විසි කළා මන බැඳි බස්
හිතින් දරනා ඇත්ත මගෙ කවි උඹෙ හිතෙ වස්, බෝයි
පිරිහුණු කලද දුවන්න ඕනා
රැපෙන් කරවුණු මනස හොයන්නෙ කෝමා
අතින් අත ගිය පොතකින් පවන් ද ඕනා
ඉතින් මගෙ රැපෙ සුවඳ බලන්නෙ කෝමා
තමන් හිත තමන් හට හදා දේ විමනක්, අහ්
සමා වුව තමාහට තමා පමණක්
නගා ගිරි පවා හිත නෑ නිවනක්, යා
සරා සඳ මැදින් පවා අපි ගමනක්, බෝයි
දෙනුවන් කෑ මොර දෙන මහ සාමෙට අකැප වූ
හදවත් තුල අදටත් සාගිනි මත පෙවු දේශය ගොඩකෙරූ
කිරි ගැලුම් වල ගෙවී ගිය කාලය මත තම ධ්යානය නිදි කෙරූ
හිතේ තැලුම් වල මනු සන්තාපය ගැන ලියූ ගී පද කියවපු
මහ කෙරුම් කළ
හුඟ දෙනෙක් පර වුණා ලඟ මැදුරු
තව කෙනෙක් හිනැහුණා මගෙ බැඳුණු
එකෙක් කර පිටින් තව එකෙක් හැදුණු
මිටින් හල කුරුල්ලෙකි මගෙ මනදූ
ඉතින් පරපුරක් ගැන හිතින් අඳ දුන්
බතින් මගෙ රටේ එක එකා හැදුණු
ගතින් හැඩිදැඩි සමහරක් ළදරු
ඉතින් උඹ එලා ගනින් රට පැදුරු, යා
ඉත්ත කපන කපන තැනින් ඉති වැඩුණා
හිත තලපු තලපු තැනින් මන බැඳුණා
වත වැඩිම මිලට තියාගත් මැතිඳා
ඉරි කපල දුවන අසු ගත් බැවිනා
කන් පෙති සොලවා ගත්තා දැකලා ඒ ගිජිඳා
පොඩි හෙන්ඩුවෙන් ඇන්නා නිලයටම ගොව්වා
රිදුම් මැද තම තරම නොදත්ත එඩිනා
ගිගුම් මැද මහ පොලවෙ ඇදන් වැටුණා
කටින් කට ගියා රටේ අනුවණ බස්
හිතින් වෙලා ඝන සම වැදි බස්
තව කෙනෙක් ලඟ ඇලවුණා හිත්, අහ්
තමා ගැන හොයන්න වෙලා මිස්
වැව් කටු පොල් දැන් ද ගලවන්න ඕනා, අහ්
කැපු කැලෑ දැන් ද වවාගන්න ඕනා
හති නිසා නිදි ලබාගන්න ඕනා, අහ්
මට මගෙ රට බලාගන්න ඕනා, බෝයි
හුඟ දෙනෙක් පර වුණා ලඟ මැදුරු
තව කෙනෙක් හිනැහුණා මගෙ බැඳුණු
එකෙක් කර පිටින් තව එකෙක් හැදුණු
මිටින් හල කුරුල්ලෙකි මගෙ මනදූ
ඉතින් පරපුරක් ගැන හිතින් අඳ දුන්
බතින් මගෙ රටේ එක එකා හැදුණු
ගතින් හැඩිදැඩි සමහරක් ළදරු
ඉතින් උඹ එලා ගනින් රට පැදුරු, යා
hunga dhenek parawunaa langa maedhuru
thawa kenek hinaehunaa mage baendunu
ekek kara pitin thawa ekek haedhunu
mitin hala kurulleki mage manadhuu
ithin parapurak gaena hithin anda dhun
bathin mage ratee eka ekaa haedhunu
gathin haedi dhaedi samaharak ladharu
ithin umba elaa ganin rata paedhuru, yaa
kithikawan misadhitu dhanaa langa hith
gini hithin dhakii haemadhenaa dhura langa neth
mana parawunu kalaa oye aendi bithu sith
haema thaniyama gamanak arambaa pitu his
athin mirikaagaththaa anekaage podi hise gas
wathin sarasaagaththaa ratin genaa piti kala pas
mathin galawaagaththaa, wisi kalaa mana baendi bas
hithin dharanaa aeththa mage kawi umbe hithe was, booyi
pirihunu kaladha dhuwanna oonaa
raepen karawunu manasa hoyanne koomaa
athin atha giya pothakin pawan dha oonaa
ithin mage raepe suwanda balanne koomaa
thaman hitha thaman hata hadhaa dhee wimanak, ah
samaa wuwa thamaahata thamaa pamanak
nagaa giri pawaa hitha nae niwanak, yaa
saraa sanda maedhin pawaa api gamanak, booyi
dhenuwan kae mora dhena maha saameta akaepa wuu
hadhawath thula adhatath saagini matha pewu dheeshaya godakeruu
kiri gaelum wala gewii giya kaalaya matha thama dhhyaanaya nidhi keruu
hithee thaelum wala manu santhaapaya gaena liyuu gii padha kiyawapu
maha kerum kala
hunga dhenek para wunaa langa maedhuru
thawa kenek hinaehunaa mage baendunu
ekek kara pitin thawa ekek haedhunu
mitin hala kurulleki mage manadhuu
ithin parapurak gaena hithin anda dhun
bathin mage ratee eka ekaa haedhunu
gathin haedidhaedi samaharak ladharu
ithin umba elaa ganin rata paedhuru, yaa
iththa kapana kapana thaenin ithi waedunaa
hitha thalapu thalapu thaenin mana baendunaa
watha waedima milata thiyaagath maethindaa
iri kapala dhuwana asu gath baewinaa
kan pethi solawaa gaththaa dhaekalaa ee gijindaa
podi henduwen aennaa nilayatama gowwaa
ridhum maedha thama tharama nodhaththa edinaa
gigum maedha maha polawe aedhan waetunaa
katin kata giyaa ratee anuwana bas
hithin welaa ghana sama waedhi bas
thawa kenek langa aelawunaa hith, ah
thamaa gaena hoyanna welaa mis
waew katu pol dhaen dha galawanna oonaa, ah
kaepu kaelae dhaen dha wawaaganna oonaa
hathi nisaa nidhi labaaganna oonaa, ah
mata mage rata balaaganna oonaa, booyi
hunga dhenek para wunaa langa maedhuru
thawa kenek hinaehunaa mage baendunu
ekek kara pitin thawa ekek haedhunu
mitin hala kurulleki mage manadhuu
ithin parapurak gaena hithin anda dhun
bathin mage ratee eka ekaa haedhunu
gathin haedidhaedi samaharak ladharu
ithin umba elaa ganin rata paedhuru, yaa