හුදෙකලා මේhudhekalaa mee

Hudekala Me

Lyrics

හුදෙකලා මේ රාත්‍රියේ
නෙතු නොදියන මේ පැයේ
මට තියා ගිය ආදරේ
නුඹේ උණුසුම් ආදරේ //
තනිව හිඳමි මේ රැයේ

නිල් තාරකා නිදා නොනිදා දුර ඈතට වී
විල්තෙරේ පිපුණු මලකට මුදු හාදුවක් දිදි
රත් කොපුල් තලා වැටෙනා කඳුළු පිරිමදී

හුදකලා මේ ....

රෑ පුරා හෙලූ සුසුම් වලට විරාමය නොදී
නුඹ යන්න ගියා දුර ඈතට මටවත් නොපෙනී
මං නුඹට දුන්නු ආදරේ නැවත මට නොදී

හුදෙකලා මේ ....

Mathaka | මතක

A free, open, community-driven database preserving Sri Lankan Sinhala song lyrics for future generations.

ශ්‍රී ලාංකික සිංහල ගීතය රැකගැනීම සඳහා.

© 2026 Mathaka. Data licensed under ODbL.

Open. Accurate. Eternal.